සඳ තරු නිහඬයි

Sanda Tharu Nihandayi
සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරණ පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා
මවා නුවන් ඔබ ඔබේ තෙපුල්සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව