සඳ පහන් රැයේ

Sanda Pahan Raye
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උනුහුමක්
හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම, රාත්‍රිය වුනා නම්
මුව උඩින්, පාත් වී හිඳිමි
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම, රාත්‍රිය වුනා නම්
ලඟ ලඟම, මා එතැයි සිතාලා
බිඳක් වත්, දෑස හැර බැලී නම්
ඇඹිත්තක් ඔය මුහුන සිඹින්නට
අනේ මට ඔබව හිමි වුනා නම්
ගිලන් වී ඔබ, හිඳින වෙලාවේ
ආදරයෙන් ලං වෙලා හිඳින්නෙමි
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක්, වෙලා වැටේවී
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ සදා කල්
ලඟින් හිඳින්නම්
මං නුඹව, මලක් සේ, රකින්නම්
අනේ, මං මලක් සේ රැඳෙන්නම්
ඔය හිතේ, මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ලං වෙලා හිඳිමින්
හාදු වැස්සක් වෙලා වැටෙමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්දිකා උපමාලි
All songs by ඉන්දිකා උපමාලි