සඳ හිරු තරු

Sanda Hiru Tharu
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ
කලක මෙහෙන් චුත වෙනවා
එලොව ‍ගිහින් වැජබෙනවා
පෙලපත නම වෙනස්වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ
හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක