සමරු පොතේ පිටු
Samaru Pothe
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා
ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
මූණුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මටනම් රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එම් එස් ප්‍රනාන්දු