නෙළුම් මලේ පෙති කඩලා
Nelum Male Pethi Kadala
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නලවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා
මම සමනළයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
මම රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එම් එස් ප්‍රනාන්දු