මම එන්නේ ඩුබායි

Mama Enne Dubaayi
මම එන්නේ ඩුබායි රටේ ඉදලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලගයි
හරි ලස්සණ පොඩි ගෙයක් හදලා
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලගයි
මගේ අතේ මිටේ සතේ නැතිව
ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියේ මං
එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ
දැන් නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා
මම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු
මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන
ආඩම්බරකම් කුමටද පෙන්වන
එහෙනම් මගේ හිත එරන්දතී වෙත
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එම් එස් ප්‍රනාන්දු
All songs by එම් එස් ප්‍රනාන්දු