සාගර ජලය මදි
Sagara Jalaya Madi
සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරුකා මදි ගුණ ගයන්නට
පොළවේ වැලි වලින් බැහැ ගුණ මනින්නට
හඳටත් ඉරටවත් බැහැ ගුණ කියන්නට
සුළඟට බැරිය අපමණ ගුණ බෙදන්නට
හඬකට බැරිය නිම නැති ගුණ ගයන්නට
පසතුරු නදටවත් බැහැ ගුණ වයන්නට
දෙසවණ මදි හිමි වරුණය අසන්නට
දොලකට බැරිය හිමි සිරිපද දොවන්නට
පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට
මිනිසත් බවය ලත් මට බැරි ලබන්නට
මල කල පින කවර ඔබ ළඟ මියෙන්නට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක