රෝස මලෙක කටු ඇනුනා

Rosa Maleka Katu Anuna
රෝස මලෙක කටු ඇණුනා
හද පතුලෙන් ලේ ගැලුවා
මගේ පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා
රෝස මලට නෑ දැනුනේ
මලේ සිනා රැවු නැගුනේ
රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුලක් වැටුනා
මල් පෙති මත එය රැඳුනා
පිණි බිඳුවක් වි දුලුනා
රෝස මලට නෑ දැනුනේ
මලේ සිනා රැවු නැගුනේ
හිරු අවරට ගොස් දිලුනා
රෝස මලේ පෙති හැළුනා
දුටු හදවත දුක පිරුනා
මල මත පරවී වැටුනා
රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම් කල අරුමේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි
All songs by එඩ්වඩ් ජයකොඩි