රටකින් එහා
Ratakin Eha Igili
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
නා දළු දෙතොල් හසරැලි මත වෙලී
ආගිය ගමන් සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන් නෑ සැකයක් නැතේ
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන