එකම වීදියේ
Ekama Weediye
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී
සුදු හසඟන සේ හසරැළි ඉහලා
හඳ පායන සේ හද ගිණි නිවලා
ඔබ මා සුරතේ දසඟිලි පටලා
දොඩමළු වීලා මට ඉඟි කරලා
හැන්දෑ යාමේ මා අත හැරලා
යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එළලා
මම යමි මගේ හිත ඔබ ළඟ තියලා
තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ හිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන