රනින් ඉරක් පායා
Ranin Irak Paya
රනින් ඉරක් පායා ඒ එළියෙන්
නැවුම් ලොවක් මිහි මත බිහි වී
මඟුල් හඬින් නෑඹුල් පොළොවේ
සතුටු උදානය සිත තුළ ඉපදී
සිතින් සිතට පාවී නැළ වේ
කැපූ කරල් බර ගොයම් සුළං කර කුරුණි වලින් පුරවා
කොටසක් අටුවෙහි අහුරා කොටසක් කිරිබතකට හරවා
ගෙමිදුල වෙත එන නව හිරු එළියේ මාගල් පැදුර එලා
ඉටු දෙවියන් යැද සව්දිය පිරුමට මුළු ලොව එකතු වෙලා
කිරල කැලේ බට කුරුලු කැලේ අලුත උපන් පැටවුන්
අන්දර ගස් යට පිම්මේ ඉගිලෙයි පෙර නොහුරූ අයුරින්
දොළොස් මහක් ජීවත් වූ ලෝකය අලුතින් අලුත් වෙලා
තවත් අලුත් ලොවකට පිවිසෙන්නට ලොව ඉන් පිටත් වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක