රංග නදීකා

Ranga Nadeekaa
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ
මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න ආයෙත් එපා
මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල
දුන්නෙත් ඔ‍බට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා
මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න ආයෙත් එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ධනපාල උඩවත්ත
All songs by ධනපාල උඩවත්ත