ඈ නීල වරල පීරලා
Aa Neela Warala Peeralaa
ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
වසන්ත සමය ළං වෙලා
කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා
ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
ලස්සන මල් කුමාරියෙ
ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ
මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ
කුමරියෙ ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ධනපාල උඩවත්ත