මා ආදරණීය මගේ

Maa Adaraneeya Mage
මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අව්ව වැස්ස රෑ දාවල් එකයිනේ අපට
එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට
කිසිම භයක් දැනෙන්නෙ නෑ කොහොමත් සිතට
සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට
මම සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට
වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා
අම්මවරුන් පා යුග වැඳ පුදන්න ඕනා
අම්මේ ඔබ කල සේවය සදහට අගනා
ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා
අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න
මේ සටනින් මා මියගිය දවසක ඔන්න
මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න
බාල පුතත් හමුදාවට භාර කරන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ධනපාල උඩවත්ත
All songs by ධනපාල උඩවත්ත