රන් දහඩිය බිංදු බිංදු
Ran Dahadiya Bindu Bindu
රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ
නෙළුම් කෙතේ ලන්දු ලන්දු
සොඳුරු කිඳුරු ලන්දු ලන්දු
දෙවි පිහිටෙන්
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
බුලතේ රස දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කළේ
මන බැදුනා පබළු වැලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව