රෑහි හඬනනා

Raahi Handanana
රෑහි හඬනනා පාලු සොහොනට
නිහඬ සඳ බැස යාවී
ඉතිං අද ඔබ නොඑන ගමනක
මගෙන් වෙන් වී යාවී
විලක නිල් දිය අසල පෙම් බැඳි
සිහින මතකය පාලු වෙයි හෙට
ඉතිරි කර යන මතක සසලව
මඬන හද හෙට ඔබ සොයනු ඇත
සසර පවතින දිනක හමුවන
තුරුම විකසිත ඔබේ සුවඳින්
දෙනෙත ඇර සිඹ සිත නිවාලන
තුරුලු වනු මැන මට දයාවෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක