රෑ බෝ වී එන

Raa Bo Wee Ena
රෑ බෝ වී එන හැන්දෑයාමේ
රතු වී මුහුදට හිරු වැටුණා
ඒ මොහොතේ මට ගිනි ගත් නගරෙක
අප දෙදෙනා උන් හැටි දැනුණා
ඔබ එක අතකින් මා එක අතකින්
අවුදින් ඉස්සර මුණ ගැසුණේ
මේ ඉර අහසින් වැටෙන වෙලාවක්
සොයමිනි අප දෙදෙනා සිටියේ
තරු වලටත් ඉඩ වැස්සකටත් ඉඩ
අද ඇත ඕනෑ තරම් ඔහේ
ඔහු අත ගත් ඔබ ඇය අත ගත් මා
ළඟ ඒ ඉඩ නෑ කොහෙත් ලොවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක