රෑ අඳුරේ සයුරේ පාවී

Raa Andure Sayure Paawi
රෑ අඳුරේ සයුරේ පාවී
ඈත යාවී ඈත යාවී
දෑතේ සවී හබලේ රැඳී
පාවෙන්නේ රෑ යාමයේ
දෙවියනි ඔබේ සරණය ලැබී
පිරවෙන්නේ මඩියයි අපේ
වෙරළේ පැලේ සොඳුරිය මගේ
අයදින්නේ පිහිටයි ඔබේ
දෙවියනි ඔබේ සරණය ලැබී
රැකදෙන්නෙ ජීවේ අපේ
සුළගේ සෙනේ රුදුරුයි වගේ
ඔරුවේ රුවල් බිඳ වැටේ
දෙවියනි ඔබේ සරණය ලැබී
ගෙනයන්න ගොඩබිම වෙතේ
සයුරේ ජලේ සැමදා මෙසේ
දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ
කිසිදාක සැකයක් නැතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආත්මා ලියනගේ
All songs by ආත්මා ලියනගේ