පෙනෙන නොපෙනෙන

Penena Nopenena
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනයේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතය තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ආත්මා ලියනගේ
All songs by ආත්මා ලියනගේ