ප්‍රේම වසන්තයේ
Prema Wasanthaye
ප්‍රේම වසන්තයේ මාල ගිරා දේවී
ඈත දිගන්තයේ හෙමින් ඉගිල යාවී
නුඹේ නමින් ගී ගයා වළා රොදක පා වෙලා
ප්‍රේමයෙන් ළඟින් හිඳින්න ආවේ
ඔබ මා තුරුලේ මඳහාසෙ පාලා
වන මල් යහනේ තුරු සෙවණේ
උණුසුම් සුව වෑහෙන දෙතොලේ
ගීයක් වන්නෙමි මම සබඳේ
රෑ තරු වියනේ හඳ පාන වාගේ
තනි වී හිඳිනා විට යහනේ
කඳුළැල් වැටෙනා සඳ දෙනෙතේ
සුසුමක් වන්නෙමි මම නිබඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක