ප්‍රේම තටාකේ

Prema Thatake
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරේ වදින්නේ
මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ
චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ
හිමියනි ඔබගේ පුළුලුර තලයේ හි
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ
අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ
එකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව