ප්‍රේම පාරාදීසේ

Prema Paradise
ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ
විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ
වැළපුන වෙරළක දිය බිඳුව ඔබ
ගොළුවුණු දෙතොලක සිනහ සිහිල ඔබ
ගිණි දන කතරක පවන් රළකි ඔබ
විළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබ
නොහැ‍ඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක