පොඩි කුමාරිහාමියේ
Podi Kumarihamiye
පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්
නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුනේ
නුඹෙ හිනා ගඟුල මැවුනේ
කඩා ගන්න බැරි වුනත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන්න ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක