පිය සටහන්

Piya Satahan
පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්
ගිරි ශිකර මුඳුන් වල වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
රළු බොරළු ගමන් මඟ වැලි තලා වැනිය අද
හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ
All songs by ගුණදාස කපුගේ