පිතු සෙනෙහේ පිදූ

Pithu Senehe Pidu
පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳී තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ
හිරුමඩලක් සේ කිරණ බෙදා දී
නුගසේවනක් සේ සිසිල සදා දී
ජීවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහසයුරක් වී
පොලොව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවරණ දෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී
All songs by දීපිකා ප්‍රියදර්ශනී