අහස නුඹ මෙතරම්

Ahasa Numba Metharam
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුනිද
නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී
All songs by දීපිකා ප්‍රියදර්ශනී