ඔබ හීනයක් වගේ
Oba Heenayak Wage
ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි
මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා
මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී