පිපුණු මලක

Pipunu Malaka
පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතා
කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟිමැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
වෙන්වූවා අප සුසුම් දරා
මතකේ මැවෙනා පෙර රූ ඡායා
හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරණා
ඇසේවිදෝ මේ ගී මාලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශාලිත අභයවික්‍රම
All songs by ශාලිත අභයවික්‍රම