පිනිබර මලක් වගේ

Pinibara Malak Wage
පිනිබර මලක් වගේ ගමේ පිපුණ නගේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා
සිදාදියේ නපුරු සතුන් රුවට නුඹේ වසඟවෙලා
නොයෙක වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නඟේ පරිස්සමින් ඉඳින් අනේ රැවටෙන්න එපා
සිදාදියේ විසිතුරු මැද සිටින විටදි තනි වීලා
අලුත් පහේ වෙන මුහුණු නෙතට හමු වේවී
ගමේ රෑ පානේ රහසේ කිව් කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන් ඉඳින් අනේ හිත දෙන්න එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක