පෙම් රල පතරින්
Pem Rala Patharin
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන
මිනිස් හඬින් තොර පාළු දිවයිනේ
මා තනිකර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
කනකොක් සුද පමණයි බොල් අහසේ
සිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද්‍ර ස්වරයෙන්
මුහුද හඬන හඬ සවනත නොනැගේ
සිත් සැනකෙළියේ සිතුවිලි සළෙලුන්
නිහඬව නිදා සිටී
වියරු සිනා හඬ රස ගී ගංගා
සිඳී බිඳී සැඟ වී යනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව