පටු අදහස් නම්
Patu Adahas Nam
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසුදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව