පාවෙනා නිල් වලාවේ

Paawena Nil Walaawe
පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාශේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුනාවේ
පාවෙනා නිල් වලාවේ
දියඹ සැලෙන තරඟ පෙලක
අතරමං වෙලා
පාලු නිල් දියේ තනිවෙලා
සොයමි රුව ඔබේ අප්සරාවියේ
පාවෙනා නිල් වලාවේ
තුරුණු සිතක පැතුම් වැලක
ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව