පාවී ගියාවේ ලඳේ
Paawee Giyaawe Lande
පාවී ගියාවේ ලඳේ මා ඔබේ
සංසුන් සිනා ගංතෙරේ
සඳ සීතලේ පාළුවේ ලංවෙලා
හැමදාම හිඳිමු මෙසේ
සඳ ඈත නිල් අඹරේ පිපි සීත යාමේ
තරු කැකුළු මල්යාය විලසින් උදාවේ
ඔබෙ දෑස මගෙ දෑස සොයමින් ලඟාවේ
ඔබෙ දෑස මගෙ දෑස ඇසුරේ කතා වේ
නොඇසූ කතා ගීත විලසින් ගයාවී
නොදුටු සිනා දෑස් උතුරා ගලාවී
සසරේ පැතුම් දෙසිත සපුරා උදාවී
හිනැහී නැවුම් ලොවක රැඳෙමු දයාවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නුවන් ගුණවර්ධන