කඳුළින්ම ගැයූ
Kandulinma Gayu
කඳුළින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනා සී සිනා සී
ඒ මා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුනි මා හැඞු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ
රෑ දුටු සීනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොහි ගියාදෝ
ඒ දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඞාවී හඞාවි
ඒ මා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුනි මා හැඞු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ
ඔබ ගිය දවසේ හිරු සඳූ ගිලුණා
මට මගේ ලෝකේ අඳූරුයි දැනුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නුවන් ගුණවර්ධන