කිරි මුහුදු වෙරළේ

Kiri Muhudu Werale
කිරි මුහුදු වෙරළේ නැලවී තරංගා
කාගේද පිළිරූ අදී
ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ
සැන්දෑ සදේ දුර නිම් තෙරේ
කවුදෝ ඉදන් හිනැහේ බලා
අකුලේ පිපී කුසුමක් වගේ
පිපුණත් අනේ ළංවෙන්න බෑ
ළා රෝස දෙතොලේ සිනා
මට ප්‍රේම ආරාධනා
සුළගේ එතී සුවදක් දැනේ
ඒ මාරුතේ මට වාසනා
සදකැන් දුරින් නොකියා කියයි
පෙර නෑසු ඒ මධු ගීතිකා
ඔබ කවුද කොයි ඉන්නෙදෝ
සිහිනේක හමු වෙන්නදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නුවන් ගුණවර්ධන
All songs by නුවන් ගුණවර්ධන