පාලු අඳුරු නිල්
Paalu Anduru Nil
පාලු අඳුරු නිල්
අහස මමයි
ඈත දිලෙන
තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට
හදවත් ඉල්ලන
බලාපොරොත්තුව
පැතුම ඇයයි
අසාරවූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට
හදවත් නලවන
සදාකාලිකවු
සැපත ඇයයි
කැළැව මැද කටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට
හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය
ඇයයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව