ඔබට යන්නම ඕනෑ නම්
Obata Yannama Onaa Nam
ඔබට යන්නම ඕනෑ නම්
ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි
පුරහද දියවෙනවා සේ
කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලොසම සපුරා
හෙට මළගම දා දියවක වී
ඉදින්න සුදු ඇදලා
තරුවක් බැස යනවා සේ
පා සලකුණු නොතියා
ඔබ යන්න පාළු අහසින් බැසලා
හෙට මළ හිරුගේ ඉහඉද්දර
ඉන්න ඇවිත් පායා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ