ඔබගේ හද මාගෙමයි
Obage Hada Magemai
ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
රන් රස සේ පෑහේමයි
ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි
සංසාරේ
කෙම් බිම් සොයා සොයා හිතූ පැතූ දේ
තිරසර වුණා
ශෘංගාරේ
පෙම් පැණි පොවා පොවා සිනා සලාලා
තුරුළට වෙලා
සීතල හිම ලන්දේ මේ
උණුසුම මට ඕනෑ වේ
පෙම් සිලිලාරේ මා මත් වුණා
පෙම් සිහිනේ
ලොව දැන ගනී කියා බියේ සැකේ මා
හද ගොළු වෙලා
සන්තෝසේ
ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා සිත දන්නේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එම් එස් ප්‍රනාන්දු