ඔබ වගේ කෙනෙක්
Oba Wage Kenek
ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි මේ ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ
සරස සරස මම ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි
ඔබ හිනාවකට සුදු මුතු මල් දම්
මේ ළයේ පහන් දැල්වෙන අන්දම්
ඔබ මගේ කියා මට හිතෙනව නම්
ඒතරම් සැපක් මට නෑ ආයේ
සනස සනස සිත මම ඉන්නම්
සිහින සිහින මැද සරනව නම්
රන් රූපෙන් ගලනා විට සඳකැන්
මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔබෙයි කියා ඔබ සිතනව නම්
මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ
පැටළි පැටළි ඔබ ළඟ ඉන්නම්
නැළවි නැළවි ඔබ නළවන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක