ඔබ මා සමග
Oba Ma Samaga
ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
පෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාං දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව