නුරා රොන් බරින්
Nura Ron Barin
නුරා රොන් බරින් පියවුන
ඇගේ සොඳුරු ඉඳුවර ඇස්
ලොවේ කාටවත් කවරදාකවත්
මිහිරි නොවේවා
මහද සේ සැලී පොපියන
ඈ දොතොල් නුරා උල්පත
ලොවේ අනෙකෙකුට කිසිදා
මිහිරි නොවේවා
ජීවිතේ නිවා සනහන
ඈ සෙනේ දයා දියපොද
ලොවේ අනෙකෙකුට කිසිදා
සිහිල් නොවේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක