නුඹේ නමින්

Numbe Namin
නුඹේ නමින් මා දුක් වී ගොතනා කවිවැල්
නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසු දැල්
උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක් ය වඩනා මන ලොල්
මා හැරගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී හිතේ වයිර බඳිනු බැරී
නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී නුඹ සැනැහෙන් මට හිනැහී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක