නොබලන් කුමරිය
Nobalan Kumariya
නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්
සුපුරුදු තනිකම පාලුව මිහිරී
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න