නියපෙල සිඳලයි

Niyapela Sindalayi
නියපෙල සිඳලයි දෑත පාන්නේ
තුරුලට ගන්නට ආදරයෙන්
දැලි පත සිදලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්
මව් නැති යාමේ මා උර මඩලේ
දෙතොල් හොවයි කිරි සුවද සොයා
දහඩිය සුවදක් දැනුනිද පුතුනේ
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්
නිදි නැති යාමේ මා ළය තුරුලේ
කැළුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැනුනිද පුතුනේ
පවනට මුහු වන නුඹ වෙනුවෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක