නිර්මලා ලොන්ඩරිය
Nirmala
නිර්මලා ලොන්ඩරිය හිමි සළු
වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා
කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුනු දා
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුනා
යුධ වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුනු දා
මා හෙළුෑ කදුලින් තෙමූ සළු
පිළි තවම නෑ වේලිලා
දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා
මගෙ ඇදුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා
එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ