නින්ද නෑ නෙතේ
Ninda Na Nethe
නින්ද නෑ නෙතේ සීතයි මන්ද මාරුතේ
ඉන්නෙ හාමතේ මොන දුකකින් ද මාවතේ
පදික වේදිකා නවාතැනේ උනුන් වෙලී
සිහින බල බලා අපේ කුඩා එවුන් නිදී
උන් මුවේ රැඳී කිරි හුරතල් සිනා පොදී
දැක වින්ද වේදනා ගියා මැකී
සොඳුරු තාරුකා පවා වලාකුලින් මැකී
අඳුරු රෑ පුරා නිසංසලේ දුකින් හඳී
හෙට උදෑසනෙන් පිටවී මේ නවාතැනෙන්
කොයි කවර අතක යම් ද නොදනිමී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක