නිල් තරු නෙතු හිනැහේ
Nil Tharu Nethu Hinahe
නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
පෙම් සිතිවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද ලෙන් දොර ආශාවෝ රැඳෙනා
දෑතේ යාවී ආවේ මා ඔබ හා සුහදේ
ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ
මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා