මුතු වරුසාවට තෙමිලා
Muthu Warusawata Themila
මුතු වරුසාවට තෙමිලා
පිනි ඉහිරුණු වෙල් එළියේ
මුතු සහලින් දෝත පිරූ
මුතු මැණිකේ මුතු මැණිකේ
වතක මහිම නා දළු තොල් පෙති පිටය
කෙතක මහිම රන් කරළක මුතු ඇටය
පිනක මහිම පිං වපරැ'ති නෙත් කැටය
මැණික මගේ මුතු මැණිකේ හිමි මටය
එළිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනිය
බඹරු උරනවලු මී වද වල පැණිය
සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට බාර දෙනවාමයි මගෙ තනිය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක