මුතු සෙව්වෙමි
Muthu Sewwemi
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි
ඔබගෙ ආදරේ
මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි
ඔබගෙ ආදරේ
නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව
ඔබය ප්‍රිය කතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එම් එස් ප්‍රනාන්දු