මුතු පින්න තාම හීතලයි

Muthu Pinna
මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ
මල් රෙද්ද තදට තනි රකී ඉනේ
මල් යාය හොඳට සැප විඳී බඳේ
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ
ඔබ දකින එකත් සැපක්නේ අනේ
මා දැක්කම ඉඟ නටන දර්ශනේ
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නලින් පෙරේරා
All songs by නලින් පෙරේරා